Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් ගත් පොලිස් සැරයෙන්වරයෙක් මාට්ටු

4 weeks ago 2.5 K

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක්.

පැමිණිලිකරු විවාහ වී සිට දැනට ඔහුව අතහැර ගොස් සිටින බවත් තම බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාළව බිරිඳට ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීට කටයුතු කිරීමට අදාළ පොලිස් සැරයන්වරයා රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් පැමිණිලිකරුට විරුද්ධව යම් නීති විරෝධී කටයුත්තක් සම්බන්ධකර නඩු පවරා සිරගත කිරීමට කටයුතු කරන බවත් එසේ සිදු නොකිරීමට අදාළ මුදල ලබා දෙන ලෙසත් අදාළ පොලිස් නිලධාරීවරයා පැමිණිලිකරුට දන්වා තිබෙනවා.

ඒ අනුව, අදාළ අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී මෙම පොලිස් නිලධාරියා පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *