Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළමුවරට කාන්තාවකට හිමි වූ කටාර් තානාපති ධූරය

4 weeks ago 2.9 K

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වැඩ භාර ගෙන තිබෙනවා.

පසුගිය 23 වනදා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය රාජකාරි භාරගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.

මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති සිතාරා ඛාන්, 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති බව සඳහන්.

විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබෙනවා.

කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර ඇති බව සඳහන්..

ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *