Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දහසක් කම්කටොළු මැද කුප්පි ලාම්පු එළියෙන් ශිෂ්‍යත්වය ජයගත් සයුරි

4 weeks ago 7.3 K

දුෂ්කරතා රැසක් මැද මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දැරියක් සම්බන්ධයෙන් වාර්තා වනවා.

ලකුණු 139ක් ලබා ගනිමින් සමත්ව වූ ඇය එල්.ඒ සයුරි නිම්සරා සිසුවියයි. ඇය මෙම දස්කම දක්වන්නේ ඇය අයත්වන මොනරාගල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ වන 137 පසුකරමිනි.

ඇය සියඹලාණ්ඩුව, මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ශිෂ්‍යත්ව විභාගය සමත් අනෙකුත් පුංචි හපනුන් අතර ඇය  විශේෂ වන්නේ, අගහිඟකම් රැසක් මැද ඇය ලැබූ ජයග්‍රහණය හේතුවෙනි. 

විදුලිය පවා නොමැති නිවසක ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටින ඇයට, මීට මාස 9කට පමණ පෙර තවත් අඳුරු ඉරණමකට මුහුණපෑමට සිදුවුණි.

ඒ ගොවිතැනෙන් දරු පවුල නඩත්තු කළ සිය පියා, වනඅලි ප්‍රහාරකට ලක්වී මියයෑම ය.

මේ දැරිය සිය නිවසේ සිට කිලෝමීටර් 5ක් පමණ දුර පාගමනින් පාසලට යන බවයි පවසන්නේ.

මේ අතර අවස්ථා කිහිපයකදීම ඇගේ නිවසට වන අලි පහරදීම්වලට ද ලක්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *