ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2024 වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර තිබේ.
කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ රෝහිත් ෂර්මාටය.
මෙම කණ්ඩායමේ සඳහා ඉන්දීය කණ්ඩායමේ සිව්දෙනෙකු නම් කර ඇති අතර කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු නම්කර නොමැතිවීම විශේෂත්වයකි.
කෙසේවෙතත් 2024 වසරේ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාවට එරෙහිව තරග කළේ ද දකුණු අප්‍රිකානු කණ්ඩායමය.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ 2024 වසරේ විස්සයි20 කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර ඇත.
දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ්ට මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත.
ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර තිබේ.