තෙරපිවරියන් ලෙස රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඉන්දුනීසියාවේ සිට ගෙන්වා ගත් විදේශීය ජාතික තරුණියන් තිදෙනකු වෛශ්‍යා වෘත්තියේ යෙදවීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවකුට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පසුගියදා නියෝග කළේය.
මොහොමඩ් හනීපා මොහොමඩ් සෙයික් නමැති එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා තුනම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා චෝදනා තුනට වෙන් වෙන්ව බරපතළ වැඩසහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර පහකින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කළේය. එයට අමතරව එලෙස වෛශ්‍යා වෘත්තියේ යොදවා ගත් විදේශීය ජාතික තරුණියන් තිදෙනාට රුපියල් ලක්ෂ 2 1/2 බැගින් වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එකී වන්දිය නොගෙවන්නේ නම් වසර බැගින් ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. වලාන දූෂණ මර්දන ඒකකය විසින් 2021 වසරේදී එම වැටලීම සිදුකර තිබිණි. රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.
සිය සේවාදායකයා පෙර වැරදි හෝ පවතින නඩු නොමැති පුද්ගලයකු වන බැවින් යළි සමාජගත වියහැකි පරිදි ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකරු සිදුකර ඇත්තේ රට අපකීර්තියට පත් කරන ඉතා බරපතළ වරදක් බවත් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ලිහිල් දඬුවම් නියම කිරීමට තම අධිකරණයට නොහැකි බවත් එකී දඬුවම් නියෝග නිකුත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.