Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් තනි පෑන් පාරෙන් කළ වෙනස අධිකරණය මැදිහත් වී ආපසු හරවයි 

1 year ago

“ඇමරිකානු භූමිය තුළ ඉපදුණු පමණින්, ඇමරිකානු පුරවැසිභාවය හිමි නොවේ” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගෙනා විධායක නියෝගය දින 14 ක් සදහා අත්හිටුවිමට එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ. 

ඒ, එම නියෝගය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරමිනි. 

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තිබුනේ, වොෂින්ටනයේ නීතිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය තහවුරු වී තිබෙන ප්‍රාන්ත තුනක නියෝජිතයන් ය.

ට්‍රම්ප්ගේ ඉහත නියෝගය හේතුවෙන් එක්සත් ජනපද භූමිය තුළ සංක්‍රමණික දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ ජීවිත අදුරු වළාවකින් වැසී යන බව ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතීඥා පවසා තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *