Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන රජය ගත් තීරණය

12 months ago

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගම විකිණීමට කටයුතු සැලසුම් කර තිබූ බවය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ.  ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ. දැන් මම දන්න තරමින් ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.” 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *