Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කමිඳු මෙන්ඩිස්ට හිමි වූ සුවිශේෂී සම්මනාය

10 months ago

2024 වසරට අදාළ අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

පසුගිය වසරේදී තරග රටා ත්‍රිත්වයෙන්ම ලකුණු 1,451 ක් රැස් කළ කමිදු සිය පිතිකරණ සාමාන්‍ය 50 ක පමණ අගයක රදවා ගැනීමට ගෙවී ගිය වසරේදී සමත්ව තිබුණා.

මැද පෙළ පන්දු පිතිකරුවෙකු වන මෙන්ඩිස්, මෑතකදී අවසන් වූ ක්‍රිකට් කැලැන්ඩර වර්ෂය තුළ ටෙස්ට් ලකුණු 1000කට වඩා රැස් කළ පිතිකරුවන් හය දෙනාගෙන් එක් අයෙකුද වනවා.

2008 වසරේදී අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය අජන්ත මෙන්ඩිස් දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

ටෙස්ට් පිටියේදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් 2024 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම සදහා ද කමිදු මෙන්ඩිස් නම් කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *