රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.
යෝෂිත රාජපක්‍ෂ මහතා එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට අද (26) පැමිණි තිබෙනවා.
එම දෙපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීම නිසා බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු සැළසු බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළා.
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඊයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාලවයි.
ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් පසු දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි