Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ “වීසා ඉල්ලුම් පත” අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

1 year ago 4 K

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලුම් කරනු ලැබූ අමෙරිකානු වීසා ඉල්ලුම් පත්‍රය අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඉන්දියාවේ “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

2019 වර්ෂයේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවූ මහජන විරෝධය හමුවේ නියමිත කාල සීමාවට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කරනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාව බලා යෑම වෙනුවෙන් වීසා අයදුම් කර ඇති බවයි ද හින්දු වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ.

කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටියේ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට පැමිණීම සඳහා සිදුකරනු ලැබූ වීසා ඉල්ලුම මෙලෙස අමෙරිකානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා උත්සහ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනෙන් බැහැරව යාමට දරනු ලැබූ උත්සාහය ද ව්‍යර්ථ වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

(මුලාශ්‍ර : ද හින්දු / AFP පුවත් සේවය)

NEXT : 2022 LPL තරඟ කාලසටහන

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *