Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම්වතිය වැලන්ටයින් සැමරීම ප්‍රතික්ෂේප කිරීමෙන් සිත් තැවුලට පත් තරුණයා දිවි නසා ගනී

1 month ago 4.5 K

වැලන්ටයින් දිනය සැමරිමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමතිවීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ළිදකට පැන සිය දිවි හානි කරගෙන තිබේ.

ඊයේ (12) මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි.

මෙවර වැලන්ටයින් දිනය සැමරීම සදහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස ප්‍රදීපන් කීප වරක්ම සිය පෙම්වතියගෙන් ඉල්ලා ඇති අතර ඇය ඊට එකග වී නොමැත.

දිගින් දිගටම පෙම්වතුන්ගේ දිනය සැමරීමට බල කිරීම නිසා තරුණිය තරුණයා සමග අමනාප වී ඇති අතර තරුණයා මින් දැඩි ලෙස සිත් තැව්ලකට පත්ව සිට ඇත.

සිද්ධිය වූ ඊයේ දිනයේදී තරුණයා සිය පෙම්වතියට දුරකතන ඇමතුම් කීපයක්ම ලබා ගත් නමුත් ඒ එක ඇමතුමකටවත් පෙම්වතිය පිළිතුරු ලබා නොදී අවසානයේදී දුරකතනය විසන්ධි කොට තිබේ.

මේ ගැන කල්පනා කරමින් සිටි තරුණයා පසුව ළිදකට පැන දිවි තොර කරගෙන තිබේ.

ධර්මපුරම් පොලීසිය එම තරුණයාගේ මළ සිරුර ළිදෙන් ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *