වැලන්ටයින් දිනය සැමරිමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමතිවීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ළිදකට පැන සිය දිවි හානි කරගෙන තිබේ.
ඊයේ (12) මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි.
මෙවර වැලන්ටයින් දිනය සැමරීම සදහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස ප්‍රදීපන් කීප වරක්ම සිය පෙම්වතියගෙන් ඉල්ලා ඇති අතර ඇය ඊට එකග වී නොමැත.
දිගින් දිගටම පෙම්වතුන්ගේ දිනය සැමරීමට බල කිරීම නිසා තරුණිය තරුණයා සමග අමනාප වී ඇති අතර තරුණයා මින් දැඩි ලෙස සිත් තැව්ලකට පත්ව සිට ඇත.
සිද්ධිය වූ ඊයේ දිනයේදී තරුණයා සිය පෙම්වතියට දුරකතන ඇමතුම් කීපයක්ම ලබා ගත් නමුත් ඒ එක ඇමතුමකටවත් පෙම්වතිය පිළිතුරු ලබා නොදී අවසානයේදී දුරකතනය විසන්ධි කොට තිබේ.
මේ ගැන කල්පනා කරමින් සිටි තරුණයා පසුව ළිදකට පැන දිවි තොර කරගෙන තිබේ.
ධර්මපුරම් පොලීසිය එම තරුණයාගේ මළ සිරුර ළිදෙන් ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී තිබේ.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට