Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තාගත ජයක්

9 months ago

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ අද (14) පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 174කින්.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා ජයගත්තා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

පරාජිත ඔස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ඉනිම නායක ස්ටීවන් ස්මිත් විසින් ලබාගත් අතර, ඔහු ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර,
අසිත ප්‍රනාන්දු සහ වනිඳු හසරංග කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *