Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් කෙරේ

1 month ago 2.8 K

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ඉදිකෙරෙන අතර, දෙවන අදියර රත්නපුර සිට කහවත්ත දක්වා ඉදිකිරීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වා ඉදිකිරීමට නියමිතයි.

මේ අතර අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර ඇති අතර, දුම්රිය ස්ථාන රැසක් ද හඳුනාගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා කොටස අලුතින් එක්කර ඇති යෝජිත දුම්රිය මාර්ගයක් වනවා.

දුම්රිය මාර්ගය ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජය සමඟ ද සාකච්ඡා කරමින් පවතිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *