අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදු කෙරුණා.
ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.
එම අවස්ථාවට කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.
මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.
කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.
කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.