Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනියම් පෙම ගිනියම් වෙයි! තරුණයෙක් මරු දකී!

1 month ago 6.8 K

අනියම් ප්‍රේම සම්බන්ධයක් දුරදිග ගොස් ඇති වූ ආරවුලක් මත පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොතුපිටිය, ගගලගමුව ප්‍රදේශයේ දී අද (15) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්ගොඩ ජනපදය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පෞද්ගලික තේ කර්මාන්තශාලාවක රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පත්වත්වාගෙන ගොස් තිඛෙනවා.

අදාළ කාන්තාව විවාහක එක් දරු මවක්වන අතර, ඇය සැමියාගෙන් වෙන්ව දකුණු ගගලගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දරුවා සමඟ ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අද (15) අලුයම් කාලයේ කාන්තාව අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය 35 හැවිරිදි තරුණයා එම කාන්තාවගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු පසුපස කාන්තාවගේ විවාහක සැමියා ද පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අදාළ තරුණයා නිවසට ඇතුළු වී කාන්තාව සමඟ සිටින අවස්ථාවේ දී සැමියා නිවසේ පිටුපස දොර කඩා එම තරුණයාට මොට ආයුධයකින් පහර දී තිබෙනවා.

පහරදෙන අවස්ථාවේ ඔහුගේ කෑ ගැසීමත් සමඟ අසල්වැසියන් පැමිණ පහරකෑමට ලක්වූ තරුණයා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් ගතකර විටත් මියගොස් ඇති බවයි රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසිය වෙත භාර දී ඇති බවයි සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *