පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් අධික හිරු එළියේදී දරුවන් එළිමහන් ස්ථානවලට නොයවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැට මහතා පවසනවා.
එමෙන්ම මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යංශය විසින් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.
ඒ මහතා පවසන්නේ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්නා බවයි.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාලය අඩු කිරීමට සිදුවන බවද නාලක කළුවැට මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.