Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගනේමුල්ලේ සංජීව මැරූ වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක්! පොලිසියේ ලොකු ලොක්කන් රැසක් හා අමති සුනිල් වටගලත් පැමිණෙයි!

1 month ago 5 K

ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා ඇත.

මේ අතර සියලු අධිකරණ වල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමටද කටයුතු කර ඇත.

මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස්‌ කණ්ඩායම් අධිකරණය වෙත පැමිණ තිබේ.

පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කරඇත.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *