ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා.
පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව සඳහන්.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා තිබුණා.