අලුත්කඩේ අධිකරණ සංකීණර්යේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන එල්ල වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ගනේමුල්ල සංජීවට වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුගේ ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබෙනවා.
නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාතථා වෙන්නේ.
වෙඩි තැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු ජාතික රෝහලේ වෙත ඇතුළත් කරනු ලැබුවා.
නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ.