Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගත් කාන්තාවකුත් ඇවිත්

1 month ago 7.6 K

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායක මහතා මෙලෙස පවසා තිබුණා.

“මෙම සැකකරු අංක 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙක්. ඒ අනුව විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අංක 09 අධිකරණයට ගෙනල්ලා තියෙනවා. එහිදී විනිශ්චකාරවයා හිටියෙ නැති නිසා එයාට ආරාක්ෂාව මදි නිසා අංක 05 අධිකරණයට ගෙනල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ අංක 05 අධිකරණයේ අද දින නියමිත සියලුම සේවාද‍ායකයින් එළියට දාලා ස්කයිප් තාක්ෂණයෙන් ගන්න රිමාන්ඩ් නඩු තමයි කැඳවමින් ඉදලා තියෙන්නේ. ඒ අවස්ථාවේ මේ සැකකරුටත් නඩු කිහිපයක් තිබිලා තියෙනවා අංක 05 අධිකරණයේ. ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔහු අධිකරණයට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අවස්ථාවේ බා ටේබල් එකේ වාඩි වෙලා හිටපු නීතිඥ ඇදුමෙන් සැරසුණු පුද්ගලයෙක් සංජීව ළඟට ගිහින් තියෙනවා. විනිශ්චකාරතුමිය හිතලා තියෙන්නේ සේවාද‍ායකයගෙන් උපදෙස් ගන්න යනවා කියලා. ඒ අවස්ථාවේ තමයි වෙඩි තියලා තියෙන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *