Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සීසන් සිසුන් මග දාලා යන ලංගම රියදුරන්ට වැඩ වරදින ලකුණු

1 month ago 2.5 K

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශපත්‍රලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කලහොත් මණ්ඩලීය පිලිවෙත් අනුව දැඩි වරදක් බව එම නිවේදනයේ සඳහන්.

සියළු ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර ඇති අතර යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව ගමනාගමන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍ර ලාභීන් හට 1958 දුරකථන අංකය මඟින් ගමනාගමන මණ්ඩලයේ තොරතුරු කේන්ද්‍රය වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *