ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කළා.
48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16E ලෙස නම් කර තිබෙනවා.
ඇපල් සමාගම සඳහන් කරන්නේ අනෙකුත් ඇපල් දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා දීමට පියවර ගන්නා බවයි.
මෙම ජංගම දුරකථනය කළු සහ සුදු වර්ණවලින් 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලදී ගත හැකියි.
මෙම දුරකථනයේ මිල අමෙරිකානු ඩොලර් 599 සිට ආරම්භ වන බවයි එම සමාගම සඳහන් කළේ.
ඒ අනුව, මෙය මිලදී ගැනීමේ පෙර ඇනවුම් හෙට (21) සිට ආරම්භ වේ.
එළැඹෙන 28 වැනිදා සිට එය නිල වශයෙන් මිලදී ගැනීමට හැකිවන බවයි එම සමගම නිවේදනය කර ඇත්තේ.