ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව දුරකථන සංඥා කුළුණු 50ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වුණා.
එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී හෙළි කෙරුණේ ඒ ඔස්සේ දුරකථන සංඥා අවහිරතා අවම කර ගැනීමට හැකිවනු ඇති බවයි.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වුණා.
මෙරට ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීමට, සියලුම දෙනා කැපවීම වැදගත් බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ විවිධ රාජ්‍ය ආයතන මගින් තොරතුරු හා දත්ත රැස් කිරීම වෙනුවෙන් විවිධ පද්ධති නිර්මාණය කර ඇති අතර ඒවා ඉදිරියේදී විධිමත්ව එක් ආයතනයක් ඔස්සේ නිර්මාණය කිරීමේ වැදගත්කමද මන්ත්‍රීවරුන් මෙම කාරක සභාවේදී පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එවැනි පද්ධති රාජ්‍ය අධීක්ෂණය සහිතව නිර්මාණය කළ යුතු බවයි.
දැනට එම පද්ධති නිර්මාණය නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද මන්ත්‍රීවරුන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළ අතර ඒ අනුව ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශ වල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත්, ඒ ඔස්සේ යම් ප්‍රමාණයකින් මෙම දුරකථන සංඥා අවහිරතා අවම කර ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ නිලධාරින් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.