‘කජ්ජ’ට වෙඩි තියන්න බයික් එක ෆලෝ කරන් යද්දී පොඩි ළමයි දෙන්නා පිටිපස්සේ හිටියා. මං කිව්වා ළමයි දෙන්නා ඉන්න නිසා වෙඩි තියන්න බැහැ කියලා. ඒත් බයික් එක පැද්ද බැකෝ සමන්ගේ ගෝලයා කිව්වා ළමයි හිටියට කමක් නැහැ ගහලා දාපං කියලා. ඒ වෙලාවේ මං ළමයි ගැන හිතන්නේ නැතිව සේරටම වෙඩි තිබ්බා” යැයි මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ කුලී වෙඩික්කරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
බයික් එක වේගයෙන් ගියා. කජ්ජට වෙඩි තියද්දී ළමයි දෙන්නා බේරන්න බැරි වුණා යැයි සැකකාර කුලී ඝාතකයා වැඩිදුරටත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.
කජ්ජා ඝාතනය වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිටි බැකෝ සමන්ගේ ගෝලයෙක් හරහා මට රුපියල් ලක්ෂ 5ක මුදල් කොන්ත්‍රාත් එකක් ලැබුණා. ඒකෙ ඇඩ්වාන්ස් එකක් විදිහට මගේ බිරිඳගේ බැංකු ගිණුමට ලක්ෂ දෙකහමාරක් දාල තිබුණා.
කජ්ජා මැරුවට පස්සේ ඉතිරි සල්ලි ඉල්ලන්න මං බැකෝ සමන්ටත් එයාගේ ගෝලයන්ටත් කෝල් කළා. ඒ කවුරුත් ෆෝන් ගත්තේ නැහැ. ඉතිරි සල්ලි මට දුන්නෙත් නැහැ” යැයි කජ්ජා සහ දරු දෙදෙනා මරා දැමීමේ සිද්ධියේ කුලී ඝාතකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අදාළ ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය මිද්දෙණිය ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන ගිය ස්ථානයක පිහිටි ගල්වලක ජලයේ ගිල්වා තිබියදී ගොඩගැණුනු අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
source – divaina

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට