Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිරිමින් 23 දෙනෙකුගෙන් එක්කෙනෙකුට හා ගැහැණුන් 26 දෙනෙකුගෙන් එක්කෙනෙකුට මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානමක්! නවතම සෞඛ්‍ය වාර්තාව මෙන්න!

8 months ago

මෙරට තුළ මහා බඩවැල ආශ්‍රිත පිළිකා සැළකිව යුතු ලෙස ඉහළ යමින් පවතින අතර රෝගීන් 3,000 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Globocan වෙබ් අඩවියේ 2022 දත්ත වලට අනුව, ලොව පුරා මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇති නව රෝගීන් මිලියන 1.9 ක් හඳුනාගෙන ඇති අතර අතර මරණ සංඛ්‍යාව 900,000 ඉක්මවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවේ, මෙම රෝගයේ රෝග ලක්‍ෂණ කල්තියා හඳුනාගැනීමෙන් බොහෝ විට සම්පූර්ණයෙන් සුවය ලැබිය හැකි බවයි.

වයස අවුරුදු 50 න් පසු සහ දුම්පානය සහ මත්පැන් පානය කිරීම හේතුවෙන් මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන බව ද ඇය අවධාරණය කළාය.

මේ අතර, මහා බඩවැල ආශ්‍රිත ශල්‍ය වෛද්‍ය වසන්ත විජේනායක ප්‍රකාශ කළේ, වසර 2040 වන විට රෝගීන් මිලියන 3.5ක් පමණ මහා බඩවැල ආශ්‍රිත පිළිකාවට ගොදුරු වනු ඇති බවයි.

“අවුරුදු 40 න් පසු, මිනිසුන්ගෙන් 50% ක් පමණ පොලිප් තත්ත්වයන් ඇති විය හැකියි. ඒවා බඩවැලේ හෝ ගුද මාර්ගයේ වර්ධනය වේ. නමුත් සියලුම පොලිප් පිළිකා ඇති නොකරයි. ඔවුන්ගෙන් 4% ක් පමණ පිළිකා රෝගීන් බවට පත්විය හැකියි” ඔහු පවසයි.

මෙම ක්‍රියාවලියට වසර 5ත් 10ත් අතර කාලයක් ගතවන බවත්, මෙම කාලය තුළ හඳුනාගත් පොලිප් ඉවත් කර රෝගය පාලනය කළ හැකි බවත් වෛද්‍ය වසන්ත විජේනායක පෙන්වාදෙයි.

තවද, පිරිමින් 23 දෙනෙකුගෙන් එක් අයකුට සහ කාන්තාවන් 26 දෙනෙකුගෙන් එක් අයකුට මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *