Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි ටියුෂන් ගුරාට වැඩ වරදී

11 months ago

සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයෙකු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමශර්න ආරම්භ කර තිබෙනවා.

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු තම පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමශර්නයක් ආරම්භ කර ඇති අතර අදාළ උපකාරක පන්ති ගුරුවරයාට අද දින එම අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

එසේ නොවුණහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම ගුරුවරයාගෙන් පහර කෑමට ලක්වූ වින්දිතයන් කවුරුන්දැයි යන්න සම්බන්ධව සොයා බැලෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ළමයින් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පිරිස් බවත්, උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හදාරන ඇතැම් සිසුන් වයස අවුරුදු 19 සම්පූර්ණ කර තිබීම නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තත්ත්වයක් පවතින බවද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *