Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඉතා වැදගත් උපදෙසක්

1 year ago

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් අඩුම තරමින් රාත්‍රියේ පැය 5ක් වත් නිදාගැනීම ඉතා වැදගත් බවයි.

නින්ද අඩුවීමෙන් එය මතක ශක්තියට ඍජුව බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා අනතුරු අඟවයි.

එම නිසා කිසිවිටෙකත් අනෙක් දරුවන්ට වඩා ඉහළින්ම සමත් වන ලෙස තම දරුවන්ට බලපෑම් නොකරන්නැයි රූමි රූබන් මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

“සාමාන්‍ය පෙළ කියන්නේ දරුවන්ගේ වැදගත් කඩඉමක්. මේ වැදගත් විභාගයට මුහුණදෙන දරුවන් යහපත් මනසකින් යුතුව සිටීම ඉතා වැදගත්. විභාගය ළංවෙනකොට සමහර දරුවන් බය වෙනවා.

මේ බය නිසා පාඩම් කරපු විෂය කරුණු සමහර වෙලාවට අමතක වෙනවා. මේ අමතක වීම් තාවකාලික දෙයක් බව සිතට ගන්න. ඒ නිසා බය නැතිව විභාගයට මුහුණ දෙන්න.

නිරෝගි ආහාර වේලක් විභාගයට මුහුණදෙන දරුවන් ලබාගැනීම වැදගත්. මේ කාලය තුළ කලකෝලහාලවලට සම්බන්ධ වෙන්න එපා. යාළුවොත් එක්ක විනෝද ගමන් යන්න එපා. යහපත් මනසකින් යුතුව විභාගය ලියන්න.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *