අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු මේ වනවිට ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් හෙළි වී තිබේ.
සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබෙනවා.
අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.
අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, අනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇත.
එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි කාලගුණය යළි දරුණු වෙයි
කළුඅග්ගල කන්ද නායයෑමේ අවදානමක්! පවුල් 100ක් වහාම ඉවත් කරයි!
සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිව්රුම් දෙයි