ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම ඊයේ(14) සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව සමගින් පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 180ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව තෙක් සටන අත්නොහැරි අසේල ගුණරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 66ක් රැස් කළා.
ඒ අනුව ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සමඟ කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම හෙට (16) අවසන් මහා තරගයේ තරග වැදීමට නියමිතයි.