කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ.
ඔහුට හිමිව ඇත්තේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයයි.
ඔහු එම තනතුරට පත් වූ පළමු දෙමළ – කැනේඩියානු ජාතිකයා වනවා.
යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත.
දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි මාකර් කනරී දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, වසර 09 ක කැනේඩියානු අගමැති ධුර කාලය අවසන් කරමින් ජස්ටින් ටෲඩෝ පාලක ලිබරල් පක්ෂයෙන් ඉවත්ව යෑමෙන් පසුවයි.