Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි

1 month ago 8.1 K

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6ක කාලය තුළ අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඊයේ (15) කොළඹදී පැවැති සමුළුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසුවා.

පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් සිදුවන්නේ පාරට බැසීම බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ.  අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්… ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *