පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6ක කාලය තුළ අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
ඊයේ (15) කොළඹදී පැවැති සමුළුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසුවා.
පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් සිදුවන්නේ පාරට බැසීම බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
“පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ. අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්… ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න”

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි