Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්

1 month ago 6.9 K

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධළු අද (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම හෙට දිනයෙන් ආරම්භ වීමට මෙම විභාගය සඳහා කල් ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙසත් අනවශ ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් විභාග කොමසාරිවරයා අපේක්ෂකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්ද සිදුකරනු ලැබීය.

ඒ අනුව මෙය යම් අයෙක් උල්ලංඝනය කළ හොත් විභාග වරදක් ලෙස සළකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එය අවුරුදු 05කට විභාග තහනමක් පැනවීමේ හැකියාව ඇති බවත් මෙහිදී පැවසීය.

මේ සම්බන්දව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

“මේ අපේක්ෂකයින් සඳහා විභාග මධ්‍යස්ථාන 3,663ක් මුළු දිවයිනම ආවරණය වෙන පරිදි ස්ථාපිත කරලා තියෙනවා. විශේෂිතවම උතුරු ප්‍රදේශ ආශ්‍රිතවත්. විශේෂයෙන් සෑම අපේක්ෂකයෙකුටම තමන්ගේ විභාග මධ්‍යස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි වන පරිදි අපි විභාග මධ්‍යස්ථාන ලබා දීලා තියෙනවා. ඒක මේ දරුවන් වෙනුවෙන් ගත්තු පියවරක්.

ඒ වගේම අපි විශේෂිත විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ චෙන්නායි නෆීල් විශේෂ පාසල්වල. 

ඒ එක්කම කොළඹ මැගසින් බන්ධනාගාරය, වටරැක සුනීත විද්‍යාලයයේත් අපි විභාග මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා රැඳවියන් සහ පුනරුප්තාපනය වෙන ඒ අපේක්ෂකයින් සඳහා. ඒ වගේම මහරගම අපේක්ෂා රෝහලෙත් අපි විභාග මධ්‍යස්ථානයක් පිහිටවලා තියෙනවා.

හෙට දිනයේදී විභාගය ආරම්භ වීමට නියමිතයි. විශේෂයෙන්ම මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට විභාගයට යෑම සඳහා ඔබට මූලිකව අවශ්‍ය වෙන ලියකියවිලි සූදානම් කරගන්න. මේ වන විටත් ඔබ අතට එය පත්වෙලා ඇති විභාගය සඳහා අවශ්‍ය  වන ප්‍රවේශපත්‍රය. මේක අපි වෙනදාටත් වඩා කල් ඇතිව දරුවන්ට ලබා දුන්නා. ඒ ලබා දුන්නේ මේ විභාගය සඳහා ඒ දරුවන්ට සූදානම ඇති කරගන්න. අපි කාලය ලබා දුන්නා පසුගිය 10 වැනිදා වන තෙක් ඒ ප්‍රවේශපත්‍රයේ යම් කිසි ගැටලුවක් තිබුණොත් සංශෝධනය කරගන්න අපි මාර්ග ගත පද්ධතියක් නිර්මාණය කළා. ඒ අනුව බොහෝ දරුවන් ගැටළු තිබුණ එම සංශෝධන සිදුකරගත්තා. ඊට පසුව පැවැති සංශෝධන බොහෝ අය දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකරගත්තා. කොහොම වුණත් මේ මොහොතේ වුණත් මෙතෙක් ඒ ප්‍රවේශපත්‍රය බලලා නැත්නම් හොඳින් බලන්න එහි ගැටලුවක් තියෙනවානම් අද දවස තුළ විභාග දෙපාර්තමේන්තුව විවෘතයි මේක නිරාකරණය කරගන්න.

ඒ වගේම මෙය වලංගු ප්‍රවේශපත්‍රයක් වෙන්නේ මෙහි ඔබේ අත්සන තහවුරු කරගත යුතුයි. පාසල් අපේක්ෂකයෙක් නම් විදුහල්පති ලවා ඒ අත්සන තහවුරු කරගන්න ඕනේ. පෞද්ගලික අපේක්ෂකයෙක් නම් අපි කාටද ඒ බලය තියෙන්නේ කියලා ඒ ප්‍රවේශපත්‍රයේම සඳහන් කරලා තියෙනවා. ඒ සුදුසු පුද්ගලයෙකු ලවා ඒ අත්සන සහතික කරගන්න ඕනේ ඒක අනිවාර්ය අවශ්‍යතාවක්. එහෙම නැතිවුණොත් ඔබ විභාග මධ්‍යස්ථානයේදී ගැටළුවකට මුහුණ දෙන්න පුළුවන්. විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබුණත් ප්‍රතිඵල ලබා දීමේදි අනන්‍යතාව තහවුරු කිරීමේ විමර්ශනයකට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ කාරණා සම්පූර්ණ කරගන්න විභාගයට පැමිණීමට පෙර.

ඒ වගේම සෑම අපේක්ෂකයෙකුම විභාග මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කළ යුතුයි වළංගු අනන්‍යතා පත්‍රයක්. මේ වළංගු අනන්‍යතා පත්‍රයක් ලෙස අපි පිලිගන්නේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, එහෙම නැත්නම් වලංගු රියදුරු බලපත්‍රය කියන එක. ඒ නිසා යම් අපේක්ෂකයෙක් විභාගයට ඉදිරිපත් වෙනවානම් මේ අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි.

තාමත් මේ වළංගු හැඳුනුම්පතක් නොමැතිනම් ශාලාධිපතිවරුන් මුණ ගැසෙන්න. ශාලාධිපතිවරුන්ට අපි උපදෙස් ලබා දීලා තියෙනවා ඒ අවශ්‍යතාව මත අදාළ උපදෙස් ලබා දෙන්න. හැබැයි විභාගයේ ප්‍රථිඵල ලැබීමට පෙර ඒ සඳහා වන පරීක්ෂණයකට සහභාගී වෙලා ඒ අනන්‍යතාව තහවුරු කරගැනීමකින් පසුවයි ප්‍රථිඵල ලබා දෙන්නේ.

ඒ වගේම විභාගය සඳහා අවශ්‍ය පෑන් පැන්සල් විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යන්න පුළුවන් වෙන කිසිම දෙයක් ඔබට රැගෙන යන්න බෑ. අවශ්‍ය නම් කෙනෙකුට ජලය පානය කරන්න ඒ වතුර බෝතලයක් අරගෙන යන්න පුළුවන් ඒ ඇරුණු කොට වෙනත් කිසිම දෙයක් රැගෙන යාම අවශ්‍ය වෙන්නේ නෑ. විශේෂයෙන් මතක තියා ගන්න අපි තහනම් කරපු ද්‍රව්‍ය තියෙනවා ජංගම දුරකතන, ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන ආශ්‍රිතව භාවිත කරන්න පුළුවන් ඒ සන්නිවේදන උපකරණ මේ කිසිදෙයක් මධ්‍යස්ථානයට රැගෙන යාම තහනම්. මේ උපකරණ ඔබ සතුව තිබුනොත් අපි විභාග මධ්‍යස්ථානයේදී දැඩිව කටයුතු කරනවා. එහිදි ඔබ ඉදිරි වසර 5කට විභාග තහනමකට ලක්විය හැකියි. 

ඒ වගේම කිසිදු සටහනක් වගේම මකන දියර රැගෙන යාමත් සපුරා තහනම් වෙනවා මේ යම් කිසිවක් ඔබ සතුව වැරදිලා හෝ තිබුණොත් එය විභාග වරදක් හැටියට වරද සම්පූර්ණ වෙන එක කියලා මතක් කරනවා.

විභාගය ආරම්භ වෙන්නේ සෑම දිනකම උදෑසන 8.30ට සවස් වරුවේ විභාගය ආරම්භ වන්නේ නම් පස්වරු 1.00ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. සිකුරාදා දිනයේදී පමණක් පස්වරු 2.00ට මේ වෙලාවන් සම්බන්ධව ඔබේ ප්‍රවේශපත්‍රෙය් සටහන් කරලා තියෙනවා. මේ නිසා වෙනත් කිසිම මූලාශ්‍රයක් හොයන්නට එපා, වෙන කෙනෙක්ගෙන් විමසීමක් අවශ්‍ය වෙන්නේ නෑ ඔබේ ප්‍රවේශපත්‍රයේ කාලටහන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔබට අදාළ විශයන් පැවැත්වෙන දින වෙලාවන් පිළිබඳ ඒ හරහා දැනුවත් වෙන්න. 

කල් ඇතිව විභාගයට යන්න. විභාගයට ප්‍රමාධ වෙලා යෑම තුළ ඔබට අත්විඳින්න වෙන ගැටලුකාරී තත්ත්වයෙන් අත්මිදෙන්නට කල් ඇතිව විභාග මධ්‍යස්ථානයට යන්න. අපි ශාලාධිපතිවරුන්ට දැනුම්දීලා තියෙන්නේ පැය භාගෙකට පෙර ශාලාවේ අසුන්ගන්වන්න කියලා. ඒ නිසා පෙරවරු 8.00 වන විට ඔබව අසුන් ගැන්වීම සිදුකරනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *