Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයෙන් ගසාවට දැවැන්ත ප්‍රහාරයක්! ළමුන් ඇතුළු 300කට අධික පිරිසක් මරුට!

1 month ago 2.4 K

සටන් විරාම එකඟතා උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් ළමුන් හා කාන්තාවන් ඇතුළු 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මරණ වලින් වැඩි ප්‍රමාණයක් ළමුන් හා කාන්තාවන් බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය ජනවාරි 19 වැනිදා හමස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමට අත්සන් තැබුණු අතර එම එකඟතාවෙන් පසු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද දරුණුම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මෙම ගුවන් ප්‍රහාර අනාරක්ෂිත සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකළ ද්‍රෝහී ප්‍රහාරයක් බවට හමස් සංවිධානය චෝදනා කර සිටියි.

ගුවන් ප්‍රහාරවලට අමතරව දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර මාලාවක්ද එල්ල කර තිබේ.

ඊශ්‍රායලය පවසන්නේ එම ප්‍රහාර එල්ල කළේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ජාතිකයින් බේරා ගැනීම වෙනුවෙන් බවයි.

නමුත් මේ වනවිට ඊශ්‍රායලය සිදු කළ ක්‍රියාවට ලොව පුරා රටවල් රැසකින් විශාල විරෝධයක් එල්ල වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *