Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් සහ පුටින් සීමා සහිත එකඟතාවයකට පැමිණෙති

1 month ago 1.3 K

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අතර ඊයේ(18) දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී යුක්‍රේන යුද්ධයේදී බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත පහරදීමෙන් වැළකී සිටීමට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් එකඟතාව පළකර තිබෙනවා.

නායකයින් දෙදෙනාගේ දුරකථන සංවාදය පැය එකහමාරකට වඩා වැඩි කාලයක් මුලුල්ලේ පැවති අතර එහිදී දෙරට අතර සබඳතා පුළුල් කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරී තිබෙනවා.

යුක්‍රේන අර්බුදයට දිගු කාලීන විසඳුමක අවශ්‍යතාව පුටින් පෙන්වා දී ඇති අතර අනාගතයේදී ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගතයුතු බව ද පවසා තිබෙනවා. මේ සඳහා යුක්‍රේනයට විදේශීය යුධ ආධාර සහ බුද්ධි තොරතුරු ලබාදීමෙන් වැළකිය යුතු බවයි පුටින් යෝජනා කර ඇත්තේ.

මේ අතර යුක්‍රේනය විසින් දින තිහක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම ධනාත්මක කරුණක් වුවද එවැනි සටන් විරාමයකදී යුක්‍රේනය හමුදා බඳවාගැනීම සහ සන්නද්ධ කිරීම නොකරන බවට වග බලාගත යුතු යැයි ද පුටින් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *