Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවිඩයක්! ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්!

1 month ago 10.4 K

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

“ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට, අවශ්‍යවන මූල්‍ය අවශ්‍යතාවය සලකලා බලලා, ලක්ෂ දහයට අඩු තැන්පත් හිමියන් සඳහා අමතර සීයට තුනක තැන්පතු පොලියක් ලබාදීම රජය විසින් මෙවර අයවැය තුළින් ප‍්‍රතිපාදන සලසලා තිබෙනවා. 2025 අයවැය යෝජනාවලට අනුව.

2025 ජුලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60ට වැඩි සහ 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කිහිපයක මෙම තැන්පතු තිබුනත් එය නොසලකා හරිමින් තැන්පතුකරුවෙක් එක් තැන්පතුකරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල රුපියල් මිලියනය දක්වා මෙය වලංගු වෙනවා.

තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනය නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුණත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්නට පුළුවන්. මෙම යෝජනා ක්‍රමය යටතේ ඇති තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ලබාගත යුතුයි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *