ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබෙනවා.
එම ඉසව්වේ 2වන මූලික වටයේ තරගයට සහභාගී වූ ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තා කිරීමට සමත්ව වුවා.
එම තරග වටයේ පළමු හා දෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වූ අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළද තත්පර 6.70ක කාලයක් වාර්තා කිරමට සමත් වීම විශේෂත්වයකි.
අද (21) චීනයේ නැංජින් නුවරදී ආරම්භ වූ ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ලබන 23 වනදා අවසන් වේ.