රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමන්ට පිටත ආහාර ලබා ගැනීමට අවශ්‍ය බවට දුම්බර බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකියාව පවතී.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතාද එලෙස ඉල්ලීමක් කර ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.
ඔහුගේ ඉල්ලීමට අද දිනයේදී අවසර හිමි වනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.