රක්ෂිත බන්ධනාගාරගත කර පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසීය.
අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් ය මොහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.