Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කලක් පසමිතුරුව සිටි කරුණා හා පිල්ලෙයාන් එකට එක්වෙයි! අලුත්ම වැඩකට සැරසෙයි!

11 months ago

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද  (22)  මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයේදී අත්සන් තබණු ලැබීය.

මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි.

සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.

ඒ අනුව මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *