Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කලක් පසමිතුරුව සිටි කරුණා හා පිල්ලෙයාන් එකට එක්වෙයි! අලුත්ම වැඩකට සැරසෙයි!

4 weeks ago 5.3 K

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද  (22)  මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයේදී අත්සන් තබණු ලැබීය.

මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි.

සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.

ඒ අනුව මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *