ඉරානය වෙත ඇමරිකාව එල්ල කරන පීඩනය හමුවේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 72 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 72.16 ක් ලෙසයි අද සටහන් වුණේ.
ඔපෙක් සංවිධානයද තෙල් මිල ස්ථාවර කර ගැනීමට දරණ නව උත්සාහයන් තෙල් මිල ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.