Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම්වතාගේ නිවසේ තාප්පයට යටවී පෙම්වතිය මරුට

4 weeks ago 6.1 K

කළුතර, පනාපිටිය ප්‍රදේශයේ නිවසක තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ, වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

ඇය ඊයේ පස්වරුවේ සිය පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට පෙම්වතා ද සමගින් ගොස් තිබේ.

එහිදී, පෙම්වතා නිවසේ ඇති කරන එළුවන්ට ආහාර ලබාදීම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර ප්‍රියංගිකා ද එම මොහොතේ නිවස පිටුපස තාප්පය අසල සිට තිබේ.

එම අවස්ථාවේදී එක්වරම තාප්පයේ කොටසක් කඩාවැටී ඇති අතර තරුණිය ඊට යටවී තිබුණි.

නිවැසියන් කඩිනමින් ඇය ව රෝහල් ගත කළත් ඒ වනවිටත්ඇය මියගොස් සිට ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *