හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබල දීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.