Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට Starlink සේවාව සම්බන්ධව පළවන වාර්තා ගැන TRCSL වෙතින් නිවේදනයක්

1 month ago 2 K

මෙරට ක්‍රියාත්මක වීමට නියමිත Starlink චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පැවසුවේ මෙම සේවාව ලබා දීම සඳහා අවශ්‍ය නියාමනයන් සිදු කෙරෙන Dashboard පද්ධතියක අවශ්‍යතාවයක් පවතින බවත් එම පද්ධතිය මෙරටට ගෙන්වා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් පවතින බවය.

ඒ අනුව අදාළ පද්ධතීන් මෙරටට ලැබුණු වහාම Starlink චන්ද්‍රිකා සේවාව අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

“මම වගකීමෙන් කියනවා එම ආයතනය ලබා දෙන සේවාව නවත්වන්නේ නෑ. අප්‍රේල් මාසයේදී එම සේවාව අප රටට ලබා දීමට නියමිතයි. ඒ වගේම ඔවුන් ලබා දෙන සේවාව නිවැරදිව නියාමනය කිරීම සඳහා සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවාව නිවැරදිව ලබා දෙනවාද කියලා කියන එක සහ රටේ ජාතික ආරක්ෂාව නියාමනය කිරීම සඳහා ඔවුන් විසින් Dashboard එකක් ලබා දෙනවා. ඒ තුළින් අපි කාරණා දෙකම නිවැරදිව නියාමනය කිරීම සිදුකරනු ලබනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *