සංශෝධනය කිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක‍්‍රමය යළි පෙර පරිදිම පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරනවා.
කෙසේ නමුත් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා තිබෙනවා.
වසර හතළිහක පමණ සිට ගෙනවු ලැබූ විස්සෙන් එකේ දීමනාව තිහෙන් එක බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්,ය හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් සඳහා අමතර පැයකට ගෙවන ලද ගෙවන ලද අසූවෙන් එක සහ එකසිය හැටෙන් එකක දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක සහ දෙසීයෙන් එක දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව, ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරනු ලැබුවා.
