ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 32 හැවිරිදි වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය (17) වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර මේ වනවිට එයට සම්බන්ධ සැකකරුවන් 3 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.