පසුගිය දෙසැම්බර් මස 24 වනදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592කු සඳහා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස රුපියල් 6,029,324 දඩ මුදල් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි සැකකරුවන් සිටින බව සඳහන්.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි