Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට අධිකරණයෙන් දුන් දඬුවම

4 weeks ago 3.1 K

පසුගිය දෙසැම්බර් මස 24 වනදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592කු සඳහා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස රුපියල් 6,029,324 දඩ මුදල් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි සැකකරුවන් සිටින බව සඳහන්.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *