Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රේගුවට කොළය වසා ගෙන්වූ සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගැනීමට නියෝග

4 weeks ago 1.5 K

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19ක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය අද (25) නිකුත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන ලද වාහන 19 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බව පැවසුවා.

එම වාහන අත්අඩංගුවට ගෙන රේගු බාරයට පත්කොට විමර්ශන සිදු කිරීම සඳහා අවසර දෙන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කිරීමට අවසර ලබා දුන්නා.

මේ ආකාරයෙන් 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වංචනික ලෙස රජයට පාඩු සිදු කරමින් මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 200 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර ඉන් රජයට අහිමි වූ බදු වටිනාකම රුපියල් කෝටි පන්සියයකට අධික බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙසේ ගෙන්වන ලද වාහන 200 අතුරින් වාහන 16 ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන රේගු භාරයට පත්කොට වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *