Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

9 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 59 හැවිරිදි පුද්ගලයෙකුට අධිකරණයෙන් දැඩි දඬුවම් නියම කරයි

4 weeks ago 5.2 K

නව හැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ. 

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/-ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළේය. 

ඊට අමතරව විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

මෙසේ දඬුවම් නියම වුණේ 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුටයි.

මෙම විත්තිකරු විසින් 2011 වසරේ 09 වන වියේ පසුවූ පාසල් දැරියකට ටොපි චොක්ලට් ලබාදී හිතවත් කමක් ඇති කරගෙන ඇය රවටා මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, මෙය ඉතා බරපතළ සිද්ධියක් බවය. 

අතවරයට පත් දැරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ සාක්ෂි අතර ගැලපීමක් දක්නට තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ පෙන්වා දුන්නේය.

මෙවැනි සිද්ධීන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් විසින් කිසිසේත්ම අනුමත නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා ඒවා මනූෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් සඳහන් කර සිටියේය. 

පිළිකුල් සහගත මෙවැනි ක්‍රියාවන් පිළිබඳව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ අනුව ඔහුට මෙම  දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

(source – adaderana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *