Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හුදකලා විහාරස්ථානයකින් ඇසෙන සංවේදී පුවතක්! විහාරස්ථානාධිපති හිමිව ඝාතනය කරලා!

4 weeks ago 6.4 K

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළ දී ම ඝාතනය කර තිබියදී උන්වහන්සේගේ දේහය ඊයේ (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මීට දින කිහිපයකට පෙර සිදු වන්නට ඇති බවට එප්පාවල පොලිසිය සැක පළ කරන බවයි.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ එප්පාවල – කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමියි.

උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

ඊයේ පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබඳ ව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුම්වත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

ඝාතනය වූ බවට සැක කරන විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛන කිහිපයක් ද විහාරස්ථානයට කිලෝමීටර 02ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල විසි කර දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ස්වාමීන්වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රී රෝද රථය ද මේ වන විට අස්ථානගත ව ඇති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *