එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළ දී ම ඝාතනය කර තිබියදී උන්වහන්සේගේ දේහය ඊයේ (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මීට දින කිහිපයකට පෙර සිදු වන්නට ඇති බවට එප්පාවල පොලිසිය සැක පළ කරන බවයි.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ එප්පාවල – කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමියි.
උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.
ඊයේ පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබඳ ව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුම්වත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
ඝාතනය වූ බවට සැක කරන විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛන කිහිපයක් ද විහාරස්ථානයට කිලෝමීටර 02ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල විසි කර දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ස්වාමීන්වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රී රෝද රථය ද මේ වන විට අස්ථානගත ව ඇති බව ද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි