කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පහරදීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සමග පැමිණි ගැටුමට සම්බන්ධ බව පැවැසෙන සිව්දෙනෙකු ලබන අප්‍රේල් මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට සැකකරුවන් භාර වී තිබූ අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය දා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබුණා.
ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක් වූ අතර ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.